අලුබඳුන පළමු තරගයෙන් ඔස්ටේ්‍රලියාවට කඩුලු 09 ක ජයක්

මෙවර අලුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09 ක ජයක් අත්කර ගැනීමට ඔස්ටේ්‍රලියාව සමත්වුණා.

බ්‍රිස්බන් නුවර පැවති තරගයේ එංගලන්ත පළමු ඉණිම ළකුණු 147 කට සීමාවුණා.

පැට් කමින්ස් ළකුණු 38 කට කඩුලු 05 ක් බිඳහෙලුවා.

ඔස්ටේ්‍රලියා පළමු ඉණිම 425 යි.

ට්‍රැවිස් හෙඩ් 152 ක් රැස් කලා.

එංගලන්ත දෙවන ඉණිම ළකුණු 297 යි.

තරගය ජයගැනීමට ඔස්ටේ්‍රලියාවට ලබාගත යුතුවූයේ ළකුණු 20 ක් පමණයි.

එය එක් කඩුල්ලක් දැවී සපුරාගැනීමට ඔස්ටේ්‍රලියා පිතිකරුවන් සමත්වුණා.

අලුබඳුන දෙවන තරගය ලබන 16 වනදා ඇඩිලේඩ් හිදී ආරම්භ වනවා.