ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට ඔස්ටේ්‍රලියාවෙන් තවත් ඩොලර් මිලියනයක්

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් බිම් බෝම්බ නිශ්කාෂණ ආයතනයක් වන Mine Advisory Group (MAG) ආයතනය සඳහා අතිරේක ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියනයක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 135ක්) ආධාර ලෙස ලබා දී තිබේ.

ඕස්ට්‍රේලියානු රජය 26 වසරක යුධ ගැටුම අවසානයේ සිට අද දක්වා ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දී තිබේ.

2009 වසරේ යුධ ගැටුම අවසානයෙන් පසු බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඕස්ට්රේලියානු ඩොලර් මිලියන 20 රුපියල් බිලියන 2.7කට ආධාර කර ඇත.

MAG ආයතනය සමඟ සාර්ථක හවුල්කාරිත්වයක් අඛණ්ඩව පවත්වාගෙන යෑම පිළිබඳව ඕස්ට්රේලියානු රජය සතුටු වන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි පවසයි.

මෙම නව ව්‍යාපෘතිය තුලින් වර්ග මීටර් 220,000 භුමි ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත්කර සුරක්ෂිත කර නැවත ජනතා අයිතියට ලබාදීමට බලාපොරොත්තු වේ.

මෙම භුමි ප්‍රමාණයක් ක්‍රිකට් ක්‍රීඩා පිටි 15ක භුමි ප්‍රමාණයකට සමාන වේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »