පැන්ඩෝරා විමර්ශන : රන්ජන්ගෙන් ප්‍රකාශ ගන්න අල්ලස් කොමිසම සුදානම්

ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා දීමට තීරණය කර තිබේ.

එම විමර්ශන තවදුරටත් සිදු කරන බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා සඳහන් කළේ.

තිරුකුමාර නඩේසන් ගේ බැංකු කටයුතු සහ රාජ්‍ය ආයතන මගින් ලබා ගත් ලියිකියවිලි විමර්ශන කණ්ඩායම් අධ්‍යනය කරමින් ඇති බව ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ රංජන් රාමනායක විසින් කළ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »