එන්නත් ගෙන නැතිනම් Crown වෙත ඇතුලුවීම තහණම්

සිය කැසිනෝ ශාලා සඳහා මින් ඉදිරියට පැමිණීමට අවසර දෙනුයේ කොවිඩ් එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට පමණක් බවට Crown සමූහය විසින් නව නියමයක් පණවා තිබේ.

මාස ගණනක් පුරා තම සේවකයන් සහ වලකිව යුතු සියලු පාර්ශව සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි ඔවුන් නිවේදනය කලේ.

Crown ප්‍රධානී Steve McCann පැවසුවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය වළක්වාලීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත් බවයි.

එය අවලංගු කරන දිනයක් මේ දක්වා සැළසුම් කර නොමැති බවද ඔහු පැවසීය.

එන්නත් ගෙන නොමැති පුද්ගලයන්ට බලපාන නීති ලිහිල් කිරීම් ඉවත් කල පසුවද එම රෙගුලාසිය අඛණ්ඩව ක්‍රියාවට නංවන බවටයි Steve McCann සහතික වන්නේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »