කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට කඩිනමින් පිටවීම සදහා නව Online ක්‍රමයක්

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට , තත්පර 20 ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා , කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිතා කිරීමෙන් තොර , නව මාර්ගගත ක්‍රමවේදයක් දහවල් සිට හදුන්වා දීමට පියවර ගත්තේය .

ලෝකය පුරා කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට , එයින් පිටවීමේ දී ශ්‍රී ලංකා රේගුව සහ ආගමන – විගමන කාර්යාල තුළ රාජකාරී කර ගැනීමට අමතරව , සෞඛ්‍ය නිලධාරීන් හමුවේ සෞඛ්‍ය වාර්තා ප්‍රකාශ කිරීමට ද සිදු වී තිබුණි .

මේ සදහා මෙම ගුවන් මගීන් තවත් අමතර විනාඩි 02 ක පමණ කාළයක් වැය කිරීමට සිදු වී තිබුණි .

10/26 දින හදුන්වා දුන් නව මාර්ගගත ක්‍රමවේදය අනුව , එම කාළය තත්පර 20 දක්වා අඩු කර ගැනීමට හැකි වී තිබේ .

එහිදී ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන ගුවන් මගීන් , එම රටේ දී හෝ ගුවන් යානයේ දී හෝ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව www.airport.lk වෙබ් අඩවියේ පහත සබැඳිය https://www.airport.lk/health_declaration/index ඔස්සේ මෙම පද්ධතියට පිවිසීමෙන් හෝ ගුවන් තොටුපළ පැමිණීමේ පරිශ්‍රය තුළ ස්ථානගත කර ඇති කිව්.ආර්.කේත සදහන් පුවරු වෙත ගොස් තම තොරතුරු ඉදිරිපත් කළ හැකිය .

ඒ අනුව තම එන්නත් ලබා ගත් කාඩ්පත සහ ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා මේ ක්‍රමය යටතේ මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු වේ .

මෙමගින් ගුවන් මගීන්ට පෝලිම් තුළ රස්තියාදු වීමට , කඩදාසි පෝරම පිරවීමට හෝ වෙනත් උපකරණ භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය නොවේ .

මෙම නව ක්‍රමය මගීන් තත්පර 20 ක් වැනි කෙටි කාළයක් තුළ , කොරෝනා වසංගතය පිළිබඳව අවදානම ද අවම කර ගනිමින් , ගුවන් මගීන්ට ගුවන් තොටුපළෙන් පිටතට යා හැකිය .

එමෙන්ම ගුවන් තොටුපළෙන් පිටවීමේ දී හමුවන ආරක්ෂක නිලධාරීන්ට ද , මෙම ක්‍රමවේදය ඔස්සේම මෙම කරුණු ඉදිරිපත් කර , මෙම ගුවන් මගීන්ට කඩිනමින් ගුවන් තොටුපළෙන් පිටතට යා හැකි වේ .

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »