හිටපු ජනපති පුත්‍රයා දේශපාලනයට ඒමේ මුල් පියවර තබයි – නිදහස් පක්ෂයේ තනතුරකුත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන ඒකච්ජන්දයෙන් තේරිපත්විය.

පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලය පිහිටුවීම හිටපු ජනාධිපති හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව නවනගරයේ පිහිටි බෞද්ධ සංගම් ශාලාවේදී පැවැත්විණි.

ඒ අවස්ථාවේදී තරුණ බල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස දහම් සිරිසේන ගේ නම යෝජනාවී ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව දිස්ත‍්‍රික් මට්ටමින් පිහිටුවනු ලබන සංවිධානයක තනතුරක් සඳහා දහම් සිරිසේන තේරීපත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

හිටුපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධූරය දක්වා පැමිණි දීර්ඝ ගමන ආරම්භකර ඇත්තේ ප‍්‍රථමයෙන් පොලොන්නරුව ආසන තරුණ බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්වීමෙනි.

ඒ 1969 වසරේදී පමණය.

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »