NSW ප්‍රදේශ කිහිපයක අපජලයේ තිබී කොවිඩ් වයිරස කොටස් හමුවේ

නිව් සවුත් වේල්ස් Wee Waa සහ Quirindi සහ Brewarrina ප්‍රදේශවල  අප ජල සාම්පල වල තිබී කොවිඩ් වයිරසයේ කොටස් සොයාගෙන ඇත.

කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් වහාම කොවිඩ් පරීක්ෂාවක් සිදුකර හුදකලා වන ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය Kerry Chant ප්‍රාන්තයේ සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටියාය.

අද පස්වරු 4 සිට Brisbane, Logan, Gold Coast, Moreton Bay, Magnetic Island ඇතුළු Townsville සහ Palm Island වෙත ක්වීන්ස්ලන්තයේ සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක වන 3 වන මට්ටමේ කොවිඩ් නීති පැනවේ.

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 40 ක් වාර්තා වේ.

මේ වන විට ACT හි කොවිඩ් රෝගීන් 16 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එයින් 6 දෙනෙකු දැඩි සත්කාර ඒකකවලද පස් දෙනෙකු ශ්වසන ආධාරක මතද සිටින බව සඳහන්.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »