අද රාත්‍රියේ සිට වික්ටෝරියා මුව ආවරණ නීති ලිහිල් කෙරේ / ක්වීන්ස්ලන්ඩ් නීති ත් සංශෝධනයට

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ මුව ආවරණ සම්බන්ධ නීති ලිහිල් කෙරේ.

ප්‍රධාන සෞඛ්‍ය නිළධාරරී බ්‍රෙට් සට්න් අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ බාහිර අවස්ථාවකදී ඇල්කොහොල් පානය සඳහා මුව ආවරණ ඉවත් කිරීමට අවසර හිමිවන බවයි.

ඒ අනුව Picnic සඳහා යන වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට නිරෝධායන නීති ලිහිල් වීමක් සිදුකෙරේ.

Regional Victoria හි පාසල් සඳහා බලාත්මක මුව ආවරණ නීතියේද සංශෝධනයක් සිදුකර තිබේ.

03 වසරේ සිට ඉහළට සියලු සිසුන් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන නමුත් Prep සිට 02 වසර සඳහා මුව ආවරණ පැළඳීම අනිවාර්ය නොකිරීමට තීරණය වී ඇත.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේද අද පස්වරු 04 සිට නිරෝධායන සීමාවල ලිහිල් කිරීමක් සිදුකර ඇත.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »