වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් බලාපොරොත්තුවක්

VEHICLE

වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ රටට විදේශ විනිමය ගලාඒම සිදුවන ආකාරය මත ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකාබැලිය හැකි බවය.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ බව සඳහන් කළේය.

වාහන ආනයනය පමණක් නොව මේ වනවිට ආනයනය සම්බන්ධ බොහෝ සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසීය.

එහෙත් ලැබෙන විදේශ විනිමය ආදායම් අනුව එම ආනයන සම්බන්ධ සීමා තුළනය වනු ඇති බවද ඔහු පවසයි.

දැනට රජය සාර්ථක ලෙස කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකරන බැවින් ඉතා කඩිනමින් සංචාරක ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

අපනයනය මූලික වූ කර්මාන්ත ද ඒ හරහා සුපුරුදු පරිදි ගමන් කිරීමට හැකි වනු ඇති බව තම විශ්වාසය බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »