මෙල්බර්න් විරෝධතාවල සිටි අය අතුරින් කොවිඩ් ආසාධිත දෙවැන්නාත් හමුවෙයි

මෙල්බර්න් විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයන් අතුරින් කොවිඩ් ආසාධිත තවත් අයෙකු හමුවී තිබේ.

Geelong හි පදිංචි 30 හැවිරිදි අයෙකු මෙලෙස ආසාධිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇති බවයි වික්ටෝරියා කොවිඩ් අණදෙන නිළධාරී  Jeroen Weimar පැවසුවේ.

මෙම පුද්ගලයාගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම ආරම්භ කර ඇති බවත් ඔහු කියාසිටියේය.

කෙසේවෙතත් විරෝධතා සඳහා පැමිණි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.

මෙම විරෝධතා පාලනය සඳහා පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් හුදකලා කර තිබූ අතර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔවුන්ට වෛරසය වැළඳී නොමැති බවයි.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/second-melbourne-anti-lockdown-protester-tests-positive-for-covid-19-c-4073992

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »