මෙල්බර්න් ඉදි කිරීම් සේවකයන් අඛණ්ඩව දෙවන දිනයටත් විරෝධතාවල

අඛණ්ඩව දෙවන දිනයටත් ඉදි කිරීම් සේවකයන් මෙල්බර්න් නගරයේ ස්ථාන කිහිපයක විරෝධතා පවත්වමින් සිටී.

Elizabeth Street පිහිටා ඇති CFMEU කාර්යාලය ඇතුලු තදාසන්න ස්ථාන කිහිපයක 150 කට ආසන්න පිරිසක් රැස්ව සිටින බව සඳහන්.

කැරළි මර්දන පොලිස් නිලධාරීන්ද අදාළ ස්ථානයට කැඳවා තිබේ.

ඉදි කිරීම් සේවකයන්ගේ ඉල්ලීම වන්නේ ලබන 23 වනදා සිට කොවිඩ් මර්දන එන්න්ත අනිවාර්ය කර ඇති නියමය ඉවත් කරන ලෙසයි.

මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සති 02 ක කාලයක් සඳහා සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Metropolitan Melbourne, Geelong, Surf Coast, Ballarat & the Mitchell Shire ප්‍රදේශවල ඉදිරි සති 02 සඳහා ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ කිසිදු කටයුත්තක් මේ අනුව සිදු නොවනු ඇත.

ඉදි කිරීම් සේවකයන්ට ලබන 23 වනදායින් පසු කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ තීරණයට එරෙහිව ඉදි කිරීම් සේවකයන් ඊයේ දහවල් CFMEU මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සිදුකල අතර ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇතැයි සඳහන්.

 

Source : https://www.9news.com.au/national/violent-construction-protest-melbourne-infiltrated-with-neonazis-fake-tradies-union-boss-john-setka-says/50d20ed8-a7c6-4f17-ae87-6afe2331f7dd

 

Pic – Nine

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »