පැරාලිම්පික් පදක්කම් ලාභීන්ට මෝටර් රථ සහ මුදල් තෑගී / ත්‍යාග සඳහා රු. මිලියන 106 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

පැරාලිම්පික් තරගාවලියේදී රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු හට ශ්‍රී ලංකා වාහන අපනයන කරුවන්ගේ සංගමය විසින් මෝටර් රථ දෙකක් පරිත්‍යාග කිරීම අද උදැසන සිදුවුනා.

මේ අතර පැරාලිම්පික් තරගාවලියට සහභාගිවී ජයග්‍රහණය ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සඳහා මුදල් ත්‍යාග ලබාදීම සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඊයේ දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 106.625 ක් වනවා.

ඒ අනුව රන් පදක්කමක් ජයග්‍රහණය කළ අයෙකුට ශ්‍රී ලංකා මුදලින් මිලියන 50ක්, ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙකුට මිලියන 20ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම ලෝක වාර්තාව පිහිටුවනු ලැබූ යුද හමුදාවේ බලලත් නිලධාරි -1 දිනේෂ් ප්‍රියන්ත හට රුපියල් මිලියන 10ක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබාදීමට තීරණය කර ඇත.

එමෙන්ම ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද දිනේෂ් ප්‍රියන්ත හට තවත් රුපියල් මිලියන 10ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

මිට අමතරව පැරාලිම්පික් තරගාවලියේදී 4වන – 8වන ස්ථාන වල තරග අවසන් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් සහ 9 සිට 16 දක්වා තරග අවසන් කළ ක්‍රීඩකයින්ට රුපියල් මිලියනය බැගින් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »