පැරලිම්පික් පදක්කම්ලාභීන් අද මව්බිමට – රතු පළසින් පිළිගනී

ටෝකියෝ පැරලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායම අද පැමිණෙනවා.

පස්වරු 05.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගාවන පදක්කම්ලාභීන් දෙදෙනා එහි විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී රතු පලස එළා පිළිගැනීමටයි ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට නියමිතයි.

දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවකටද සහභාගී වනු ඇති.

පිළිගැනීමේ උත්සවය අවසානයේ ඔවුන් නිරෝධායන කටයුතු සඳහා තරු පංතියේ හෝටලයක් වෙත රැගෙනයාමටද නියමිතව තිබෙනවා.

රන් පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටි පහක් ද, ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන්ට රුපියල් කෝටි දෙකක්ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් අනුමත කර තිබෙනවා.

ඊට අමතරව දිනේෂ් ප්‍රියන්තට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් කෝටියක මුදලක්ද ලබාදීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »