වික්ටෝරියා 16 ට වැඩි සියයට 60 කට එක් මාත්‍රාවක් හෝ දී අවසන් – Lockdown ලිහිල් කරන දිනය මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 60 කට වැඩි පිරිසකට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදීම අවසන් කර තිබේ.

මේ අනුව සති 05 ක් තුළ මාත්‍රා ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් ලබාදීමේ ඉලක්කයට ළගාවෙමින් පවතින බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

සියයට 70 ඉලක්කය ළගාවූ වහා මෙල්බර්න් නගරය තුළ දැනට ක්‍රියාත්මක ඇතැම් Lockdown සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවද අගමැතිවරයා පැවසීය.

මේ අතර හෙටින් ආරම්භ වන සතිය තුළදී Regional Victoria සඳහා දැනට ක්‍රියාත්මක Lockdown සීමා කිහිපයක් ඉවත් කිරීමටද නියමිතයි.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළද කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton අනතුරු අගවනවා.

පරීක්ෂණවලට යොමුවීම ප්‍රමාද කිරීම සහ නීති කඩකිරීම ඉහළ යාම ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ දැනට පවතින කොවිඩ් රැල්ල ඉහළම අගයට ගොස් ඇති බව ප්‍රකාශ කිරීමට කල් වැඩි බවද Brett Sutton සඳහන් කලා.

කෙසේවෙතත් පවතින තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවයි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා අවධාරණය කලේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »