ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් 60% ක් මේ වන විට Lockdown

ඩෙල්ටා ව්‍යාප්තියත් සමගින් මිලියන 25ක සමස්ත ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් 60%ක් එනම් අඩකටත් වඩා මේ වන විට දිවි ගෙවන්නේ Lockdown සීමා යටතේය.

රටවල් 135ක් පුරා පැතිර ඇති ඩෙල්ටා ව්‍යාප්තිය හමුවේ සතියයක් තුළ කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 40ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මාස හයකට පසුව අමෙරිකාවේ වැඩිම ආසාදිතයින් ඊයේ වාර්තා වූ බව ද වාර්තා විණි.

ලොව පුරා ව්‍යාප්තව ඇති ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ජූලි 26 සිට අගෝස්තු 1 වැනිදා දක්වා සතියක කාලය තුළ ගෝලීය කොවිඩ් ආසාදිතයන් ලක්ෂ 40කට වඩා වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

අමෙරිකාවේ  ප්‍රමුඛ පෙළේ වසංගත රෝග විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුචි අනතුරු අඟවන්නේ ඉදිරි සතිය තුළ දෛනික ආසාදිතයන් ලක්ෂ 2 දක්වා ඉහළ යා හැකි බවය.

මේ අතර, 2019 අගභාගයේදී වූහාන් නගරයෙන් කොවිඩ් හඳුනාගැනීමට පෙර ලොව ස්ථාන කිහිපයක වෛරසය සංසරණය වී ඇති බවට පර්යේෂණයකින් අනාවරණ වී ඇතැයි චීන සීජීටීඑන් නාලිකාව වාර්තා කළේය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »