සති අන්තයේ දින 03 ක් මෙල්බර්න් නැවතත් Lockdown ???

මෙල්බර්න් නගරයෙන් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු ඊයේ දිනයේදී හමුවීමත් ඉන් 02 දෙනෙකුටම වෛරසය වැළඳුණු ආකාරය තහවුරු නොවීමත් හමුවේ නගරය නැවතත් Lockdown කිරීම කෙරෙහි බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේ එළඹෙන සති අන්තයේ දින 03 ක් Lockdown කිරීම කෙරෙහි සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

නිවු සවුත් වේල්ස් හි දැනට පවතින තත්වය වැනි දරුණු තත්වයක් අත්කර නොගැනීමට එවැනි ක්‍රියාමාර්ගයක් ඉවහල් වනු ඇති බවයි අගමැතිවරයා කියාසිටියේ.

ඊයේ ප්‍රාන්තයෙන් වාර්තා වූ කොවිඩ් ආසාධිතයන් අතුරින් එක් අයෙකු Al-Taqwa පාසලේ ගුරුවරියකි.

තවත් 03 දෙනෙකු පෙර ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බව හඳුනා ගැණින.

Pic – 09News

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »