NSW ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ ආසාධිතයන් 163 ක් / ප්‍රදේශ රැසක අපජලයේ කොවිඩ් වෛරස් කොටස්

අඛණ්ඩව 03 වන දිනයටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් දෛනික කොවිඩ් ආසාධිතයන් වාර්තාව අලුත් වී තිබේ.

ගතවූ පැය 24 තුළ ප්‍රාන්තයෙන් ආසාධිතයන් 163 දෙනෙකු සටහන්වී ඇත.

ඊයේ දිනය පුරා සිදුකල පරීක්ෂණ 93,000 කින් පමණ මෙම ආසාධිතයන් හමුවූ බව අගමැතිනී Gladys Berejiklian කියයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමාජය අතුරින් දිනෙන් දින වාර්තාවන ආසාධිතයන් ඉහළ යාම ප්‍රබල ගැටලුවක් වී ඇති බැවින් ජනතාව වැඩි අවධානයක් යොමු කල යුතු බවයි බළධාරීන් පෙන්වා දෙන්නේ.

මේ අතර පහත ප්‍රදේශවල අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවූ බැවින් වඩාත් අවධානයෙන් පසුවන ලෙසටද ජනතාවට උපදෙස් දේ.

Narrabeen, Oxford Falls, Frenchs Forest, Warriewood, Mona Vale, North Narrabeen, Church Point, Clareville, Newport, Elanora Heights, Bayview, Ku-Ring-Gai Chase, Terrey Hills, Belrose, Ingleside, Bilgola Plateau, Bilgola Beach, Avalon Beach, Palm Beach, Whale Beach and Pittwater.

 

Pic – DAN HIMBRECHTS/AAP

චාල්ස් රජු මෙතෙක් හෙබවූ තනතුරක් පුතාට ලබාදෙයි

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් තනතුර වේල්සයේ කුමාරයා වන බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ පුත් විලියම් කුමරු වෙත ලබා දී තිබෙනවා.

Read More »