ඉන්දීය වයෝවෘද්ධ කාන්තාවක වසර 08 ක් පුරා වහල් සේවයේ යෙදවූ ද්‍රවිඩ යුවළට සිර දඩුවම්

ඉන්දීය ජාතික වයෝවෘද්ධ කාන්තාවක වසර 08 ක් පුරා වහල් මෙහෙකාර සේවයේ යෙදවූ ද්‍රවිඩ ජාතික යුවළට මෙල්බර්න් අධිකරණයක් සිර දඩුවම් නියම කර තිබේ.

මෙලෙස සිර දඩුවම් නියම වූයේ Kumuthini Kannan (53) සහ ඇයගේ සැමියා වන Kandasamy (57) යන අයටයි.

Kumuthini ට වසර 08 ක සිර දඩුවමක්ද ඇයගේ සැමියා වන Kandasamy ට වසර 06 ක සිර දඩුවමක්ද නියම විය.

Mount Waverley හි සිය නිවසේ අදාළ කාන්තාව රඳවා තබාගෙන අසීමිතව සේවයේ යෙදවීමයි මෙම යුවළට එරෙහි චෝදනාව වන්නේ.

2015 වසරේදී ඉන්දීය ජාතික වයෝවෘද්ධ කාන්තාව සොයා ගන්නා විට ඇයගේ බර කිලෝ 40 ක් පමණ දක්වා අඩුවී තිබිණ.

මෙම යුවළ ඇයට දිනයකට ගෙවා ඇත්තේ ඩොලර් 03 ක් පමණ ඉතා අඩු වැටුපකි.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »