Day: February 13, 2022

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 7223 / නිවු සවුත් වේල්ස් 6686

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7223 ක් හමුව ඇත. මරණ 18 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54, 494 කි. ඊයේ දිනයේදී (12) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 19,178 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 16,701 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (12) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 6686 ක් වාර්තා වි තිබේ. දැනට 1614 දෙනෙකු

Read More »

ඩ්‍රෝන යොදාගනිමින් KFC ඇණවුම් බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ

ඩ්‍රෝන යානා යොදාගනිමින් KFC ආහාර ඇණවුම් බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කර තිබෙනවා. KFC අවන්හල් ජාලය සහ ඩ්‍රෝන ක්‍රියාකාරී සමාගමක් වන Wing ඒකාබද්ධවයි එය ක්‍රියාවට නංවන්නේ. මහාමාර්ග ඔස්සේ සිදුකරන බෙදා හැරීම්වලදී සිදුවන ප්‍රමාදයන් මෙමගින් වළක්වා ගැනීමට අපේක්ෂිතයි. එමෙන්ම වායු දූෂණය අවම කිරීමද එයින් බලාපොරොත්තු වනවා. දැනට බෙදා හරිනු ලබන්නේ කිලෝ ග්‍රෑම් 1.5 ක උපරිම බරක් සහිත ආහාර පාර්සල පමණයි. කැන්බරා නගරයේ අවන්හල් කිහිපයක්ම දැනටමත් ආහාර බෙදාහැරීම් සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමිනුයි පවතින්නේ. https://9now.nine.com.au/a-current-affair/kfc-partners-with-drone-company-wing-for-deliveries/56c3f2f9-bbca-47c6-85ed-505186e57ac8

Read More »

02 වන T20 තරගය අද / තවත් ලංකා ක්‍රීඩකයෙකුට කොවිඩ් ???

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියාව අතර 02 වන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා. සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 40 ට හෙවත් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 යි 10 ට තරගය ආරම්භ වනු ඇති. පළමු තරගයෙන් ඔස්ටේ්‍රලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ළකුණු 20 ක ජයක් අත්වුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොවිඩ් වැළඳී ඇතැයි ඔහුට සිදුකල රැපිඩ් පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. ඔහු ඊයේ දිනයේදී පී සී ආර්

Read More »