
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියාව අතර 02 වන පන්දුවාර 20 තරගය අද පැවැත්වෙනවා.
සිඩ්නි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි තරගය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01 යි 40 ට හෙවත් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 යි 10 ට තරගය ආරම්භ වනු ඇති.

පළමු තරගයෙන් ඔස්ටේ්‍රලියා කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ළකුණු 20 ක ජයක් අත්වුණා.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට කොවිඩ් වැළඳී ඇතැයි ඔහුට සිදුකල රැපිඩ් පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

ඔහු ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂණයකටද ලක් කර ඇති අතර එහි වාර්තා අද ලැබීමට නියමිතයි.
ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද කොවිඩ් ආසාධනය වී මේ වනවිට නිරෝධායනයට ලක් කර සිටිනවා.
COMMENTS