
ඩ්‍රෝන යානා යොදාගනිමින් KFC ආහාර ඇණවුම් බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ආරම්භ කර තිබෙනවා.
KFC අවන්හල් ජාලය සහ ඩ්‍රෝන ක්‍රියාකාරී සමාගමක් වන Wing ඒකාබද්ධවයි එය ක්‍රියාවට නංවන්නේ.
මහාමාර්ග ඔස්සේ සිදුකරන බෙදා හැරීම්වලදී සිදුවන ප්‍රමාදයන් මෙමගින් වළක්වා ගැනීමට අපේක්ෂිතයි.

එමෙන්ම වායු දූෂණය අවම කිරීමද එයින් බලාපොරොත්තු වනවා.
දැනට බෙදා හරිනු ලබන්නේ කිලෝ ග්‍රෑම් 1.5 ක උපරිම බරක් සහිත ආහාර පාර්සල පමණයි.

කැන්බරා නගරයේ අවන්හල් කිහිපයක්ම දැනටමත් ආහාර බෙදාහැරීම් සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමිනුයි පවතින්නේ.
COMMENTS