Day: January 14, 2022

T20 තරගාවලියකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේ ඔස්ටේ්‍රලියාවට

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණෙනවා. පළමු තරගය පෙබරවාරි 11 වනදා සිඩ්නි හිදී පැවැත්වෙන අතර දෙවන තරගය 13 වනදා බි්‍රස්බන් හිදීයි පැවැත්වෙන්නේ. 03 වන තරගය 13 වනදා Carrara Oval හිදීත් 04 වන තරගය 18 වනදා ඇඩිලේඩ් හිදීත් පැවැත්වෙනවා. අවසාන තරගය මෙල්බන් හිදී පැවැත්වෙන්නේ ලබන 20 වනදායි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඔස්ටේ්‍රලියානු සංචාරයකට එක්වන්නේ දීර්ඝ කලකට පසුවයි.

Read More »

පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම සම්බන්ධ තොරතුරු රැසක් ලබන සතියේ

පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම සම්බන්ධ තොරතුරු රැසක් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්විමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි අගමැතිවරයා සඳහන් කලේ. ඔමික්‍රොන් අවධානම හමුවේ වුවද එන්නත්කරණය ඉහළ නංවා ඇති බැවින් සැළසුම් කර ඇති පරිදි පාසල් නැවත විවෘත කල යුතු බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ. ලබන 31 වනදා සිට දකුණු ඔස්ටේ්‍රලියාවේ ශ්‍රේණි කිහිපයක පාසල් නැවත විවෘත කරන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් සඳහන් කලා. ඔමික්‍රොන් අවධානම

Read More »