පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම සම්බන්ධ තොරතුරු රැසක් ලබන සතියේ

පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම සම්බන්ධ තොරතුරු රැසක් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

ඊයේ පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්විමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි අගමැතිවරයා සඳහන් කලේ.

ඔමික්‍රොන් අවධානම හමුවේ වුවද එන්නත්කරණය ඉහළ නංවා ඇති බැවින් සැළසුම් කර ඇති පරිදි පාසල් නැවත විවෘත කල යුතු බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

ලබන 31 වනදා සිට දකුණු ඔස්ටේ්‍රලියාවේ ශ්‍රේණි කිහිපයක පාසල් නැවත විවෘත කරන බව ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් සඳහන් කලා.

ඔමික්‍රොන් අවධානම හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල් විවෘත කිරීමද සති 02 කින් කල් දමනු ලැබුවා.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »