Day: November 11, 2021

හදිසි මහ මැතිවරණ කථාවට අගමැති මොරිසන් උත්තර දෙයි

නියමිත දිනයට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙන බවට පැතිර යන ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කරනවා. ලබන වසරේදී නියමිත දිනයට මැතිවරණය පවත්වන බවටයි ඔහු සහතික වූයේ. මෙම වසර අවසන්වීමට පෙර ඔස්ටේ්‍රලියාව තුළ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට අගමැතිවරයා සූදානමින් පසුවන බවටයි වාර්තා පළවී ඇත්තේ. කෙසේවෙතත් සෙනසුරාදා දිනයකදී පැවැත්විය යුතු බැවින් ඒ සඳහා ආසන්නම දින 02 ලෙස යොදාගත හැකිවනුයේ දෙසැම්බර් 18 වනදා සහ දෙසැම්බර් 25 වනදායි. එහෙත් එම දින 02 ම නත්තල් උත්සවයට

Read More »

ක්වීන්ස්ලන්ඩ් නිවාස නිරෝධායන වැඩපිලිවෙල ලබන සතියේ සිට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස නිරෝධායන වැඩපිලිවෙල බොහෝ දුරට ලබන සතියේ සිට ආරම්භ කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා. ප්‍රාන්තයේ එන්නත්කරණ ප්‍රතිශතය ලබන සතියේදී සියයට 70 ඉක්මවා යනු ඇති බවට පුරෝකථනය කර තිබීම ඊට හේතුවයි. අදාළ ඔන්ලයින් අයදුම්පත්‍රය සම්පූර්ණ කිරිමෙන් පසු ඕනෑම අයෙකුට ඊට අදාළ බලපත්‍රය ලබාගත හැකිය. මේ අතර සමස්ත ඔස්ටේ්‍රලියාවම සැළකීමේදී පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය අද දිනයේදී සියයට 90 ඉක්මවා යනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා. දැනට එන්නත් මාත්‍රා මිලියන 37 ක් භාවිතයට ගෙන

Read More »

නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් 264 ක් / මරණ 01 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 264 ක් වාර්තා වි තිබේ. දැනට 228 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 40 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 01 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 608 කි. පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 77,009 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1458555262411833346?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,313ක් | මරණ 4ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,313ක් හමුව ඇත. මරණ  4ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,675 කි. ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 67,105ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,358ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1458555170254589952?s=20

Read More »

VIDEO : ඔස්ටේ්‍රලියාවට එන්න ලේසියෙන්ම Visa එකක් ගන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණයත් සමග කුමන හෝ ක්‍රමයකින් විදෙස්ගතව අනාගතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන ආකාරයක් දැකගත හැකියි. එහිදී ඔස්ටේ්‍රලියාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ශිෂ්‍ය වීසා – රැකියා වීසා හෝ ස්ථිර පදිංචිය ලබාගෙන ඔස්ටේ්‍රලියාවට පැමිණීමට බොහෝ පිරිසක් උත්සාහ කරනවා. එහෙත් තමන්ට පහසුවෙන් ගත හැකි වීසා කාණ්ඩය කුමක්ද ? අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප දැනුමක්. එබැවින් මෙවර Ausලංකා TV Current Affairs හරහා මේ ගැන පුලුල්ව සාකච්ඡා

Read More »