ශ්‍රී ලංකාව තුළ පවතින වාතාවරණයත් සමග කුමන හෝ ක්‍රමයකින් විදෙස්ගතව අනාගතය සාර්ථක කර ගැනීමට උත්සාහ දරන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන ආකාරයක් දැකගත හැකියි.
එහිදී ඔස්ටේ්‍රලියාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.
ශිෂ්‍ය වීසා – රැකියා වීසා හෝ ස්ථිර පදිංචිය ලබාගෙන ඔස්ටේ්‍රලියාවට පැමිණීමට බොහෝ පිරිසක් උත්සාහ කරනවා.
එහෙත් තමන්ට පහසුවෙන් ගත හැකි වීසා කාණ්ඩය කුමක්ද ? අයදුම් කරන්නේ කෙසේද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප දැනුමක්.
එබැවින් මෙවර Ausලංකා TV Current Affairs හරහා මේ ගැන පුලුල්ව සාකච්ඡා කරන්න අප තීරණය කලා.
මේ සඳහා සම්පත් දායකයන් ලෙස සහභාගීවූයේ අමිල වීරසිංහ (Destiny Migration Solutions – Registered Migration Agent) සහ දිනේෂ් වීරක්කොඩි (LLB;PDLP Barrister & Solicitor) යි.
ඔස්ට්රේලියාවේ 189,191,491 සහ Partner Visa පිළිබඳ විශේෂ වැඩසටහන :