Day: September 16, 2021

කුසල් ජනිත් පෙරේරාට T20 ලෝක කුසලානය අහිමිවනු ඇති බවට අනාවැකි

පාදයේ ආබාධයකට ගොදුරු වී සිටින ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට පන්දුවාර 20 ලෝක කුසලානය අහිමිවනු ඇති බවට අනාවැකි පළවනවා. දකුණු අප්‍රිකාවට එරෙහි 03 වන පන්දුවාර 20 තරගය අතරතුරදීයි ඔහු මෙම ආබාධයට ගොදුරුවූයේ. ලබන 23 වනදා වනවිට කුසල් ජනිත් ගේ සෞඛ්‍ය තත්වය සළකා බලා ඔහු පන්දුවාර 20 තරගාවලියට සහභාගී කරවීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයෙකු වන දමින්ද අත්තනායක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක

Read More »

NSW ඊයේ කොවිඩ් ආසාධිතයන් 1351 ක් – මරණ 12 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (15) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1351 ක් වාර්තා වි තිබේ. දැනට 1231 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 231 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 12 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 266 කි. https://twitter.com/NSWHealth/status/1438306767251783683?s=20

Read More »

ඉතිහාසයේ පළමු වරට න්‍යෂ්ඨික සබ්මැරීන නිපදවීමට ඔස්ටේ්‍රලියාවට අවස්ථාව

චීනයෙන් එල්ලවිය හැකි ආරක්ෂක තර්ජන මැඩලීමට ඔස්ටේ්‍රලියාව – මහා බි්‍රතාන්‍යය සහ අමෙරිකාව විශේෂ ආරක්ෂක ගිවිසුමකට එළැඹී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ පළමු වරට න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන නිපදවීමට ඔස්ටේ්‍රලියාවට අවස්ථාව උදාවනු ඇති. එමෙන්ම බුද්ධි තොරතුරු හා සයිබර් දත්ත එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහාද නව ගිවිසුම යටතේ ප්‍රතිපාදන පැවතීම විශේෂත්වයක්. ඉන්දු පැසිෆික් කලාපයේ ඉහළ යමින් පවතින චීන ක්‍රියාකාරකම් සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් මෙම රටවල් 03 ම දැඩි කණස්සල්ලක් පළකර තිබුණා. එහි ප්‍රථිඵලයක් ලෙසයි මෙම ගිවිසුම ඇතිකර ගෙන

Read More »

Breaking : වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 500 ඉක්මවයි!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 514 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,370 කි. ඊයේ දිනයේදී (15) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 61,961 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 41,758ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1438273161225641984?s=20

Read More »

ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න නොගිය බව පුෂ්පිකා කියයි

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සමගින් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස නැරඹීමට තමන් සම්බන්ධ බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියි. ඇය විසින් තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය. සියලුම පුවත්පත් ආයතන, විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල වෙබ් අඩවි, ඇතුලු සියලු සමාජ මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම මා ආදරණීය හිතවත් ශ්‍රී ලාංකික ජනතාව වෙත කරන විශේෂ දැනුම් දීමකි. හිතවත් මහත්මයාණෙනි/ මහත්මියනි, මෙම විශේෂ

Read More »