Search

කුසල් ජනිත් පෙරේරාට T20 ලෝක කුසලානය අහිමිවනු ඇති බවට අනාවැකි

පාදයේ ආබාධයකට ගොදුරු වී සිටින ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් පෙරේරාට පන්දුවාර 20 ලෝක කුසලානය අහිමිවනු ඇති බවට අනාවැකි පළවනවා.

දකුණු අප්‍රිකාවට එරෙහි 03 වන පන්දුවාර 20 තරගය අතරතුරදීයි ඔහු මෙම ආබාධයට ගොදුරුවූයේ.

ලබන 23 වනදා වනවිට කුසල් ජනිත් ගේ සෞඛ්‍ය තත්වය සළකා බලා ඔහු පන්දුවාර 20 තරගාවලියට සහභාගී කරවීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයෙකු වන දමින්ද අත්තනායක ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුසංඛ ටද ආබාධයක් හේතුවෙන් මේ වනවිට පන්දුවාර 20 තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී තිබෙනවා.

පන්දුවාර 20 තරගාවලියේදී අයර්ලන්තය – නැමීබියාව සහ නෙදර්ලන්තය සමග තේරීම් තරගවලටයි ශ්‍රී ලංකාව පළමුවෙන් මුහුණදීමට නියමිතව ඇත්තේ.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »