Day: September 15, 2021

ගත වූ පැය 24 තුල වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් ගණන

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 423 ක් හමුව ඇත. මරණ 2 ක් ද වාර්තා විය. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,038 කි. ඊයේ දිනයේදී (14) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 54,649 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 41,856ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1437914001439031297?s=20

Read More »

ලාංකික සම්භවයක් සහිත තරුණියක් නෝර්වේ පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Khamshajiny Gunaratnam නෝර්වේ හි පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබේ. යාපනයේ උපත ලබා ඇති ඇය වයස අවුරුදු 03 දී නෝර්වේ වෙත සංක්‍රමණය වී ඇත්තේ දෙමව්පියන්ද සමගයි. 2015 ඔක්තෝබර් 21 වනදා ඔස්ලෝ නගර කවුන්සිලයට නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස පත්වූ ඇය 2019 ඔක්තෝබර් 23 වනදා නැවතත් එම තනතුරටම පත්වූවාය. මෙවර මහ මැතිවරණයේදී කම්කරු පක්ෂය නියෝජනය කරමිනුයි Khamshajiny Gunaratnam තරග වැදි තිබුණේ.

Read More »

ඔස්ට්‍රේලියාවේ නව ස්ථිර පදිංචිකරුවන්ගේ සුබ සාධන දීමනා 2022 සිට කප්පාදු වන ළකුණු

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කර ඇති 2021 සමාජ සේවා නීති සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව විමර්ශනය කරමින් පවතියි. මෙම පනත සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන නව සංක්‍රමණිකයින් හට ඇතැම් සුබ සාධන දීමනා ලබා ගැනීමට වසර 4 ක් පමණ බලාගෙන සිටීමට සිදුවනු ඇත. එම දීමනා අතර පහත සඳහන් ඒවා ප්‍රධාන වේ. Carer Payment Parental Leave Pay Dad and Partner Pay Carer Allowance Family Tax Benefit Low Income Health Care Card Commonwealth seniors health

Read More »