Day: September 5, 2021

covid

නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් 1487 ක් – මරණ 03 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (04) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1487 ක් වාර්තා වි තිබේ. දැනට 1030 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 175 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 03 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 182 කි. https://twitter.com/NSWHealth/status/1434320674751873025?s=20    

Read More »

වික්ටෝරියාවේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන​

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 183 ක් හමුව ඇත. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,417 කි. ඊයේ දිනයේදී (4) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 48,487 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 29,950 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1434286614633582598?s=20

Read More »

අතුරුදන්වූ 03 හැවිරිදි පිරිමි දරුවා පැහැරගෙන ඇති බවට සැකයක්

නිවු සවුත් වේල්ස් Hunter Valley හිදී අතුරුදන්වූ 03 හැවිරිදි පිරිමි දරුවා පැහැරගැනීමකට ලක්ව ඇති බවට ඔහුගේ මව සැක පළකරයි. Autism රෝගයෙන් පෙළෙන Anthony Elfalak සිය සහෝදරයාද සමග සෙල්ලම් කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්වූයේ පෙරේදා දහවල් කාලයේයි. මේ වනවිට පාබල හමුදා – යතුරු පැදි භට කණ්ඩායම් – අශ්වාරෝහක අංශ ඇතුලු විශාල පිරිසක් කිලෝමීටර් 80 ක වපසරියක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මෙම දරුවාගේ නිවස වටා ඝණ වනාන්තර ප්‍රදේශයක් වීම හමුවේ සෝදිසි මෙහෙයුම් අසීරු වී ඇති බවද

Read More »

නවසීලන්තයටත් කලින් ශ්‍රී ලංකාව විසින් හෙළිකල ඕක්ලන්ඩ් ත්‍රස්තයාගේ සුළමුල මෙන්න

නවසීලන්තයේ සුපිරි වෙළෙඳසැලකට ඇතුළු වී එහි සිටි පිරිසකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් සිදුකළ ශ්‍රී ලාංකිකයාගේ තොරතුරු අනාවරණය කර තිබේ. 32 හැවිරිදි වියේ පසුවූ ඔහු මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මොහොමඩ් සම්සුදීන් අදිල් නමැති පුද්ගලයෙකු බවට ලාංකික බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇත. අදාළ තැනැත්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ තැනැත්තාට සමීප තැනැත්තන්ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටින බවයි. මෙම පුද්ගලයා 2011 වසරේදී ශිෂ්‍ය වීසා මත ශ්‍රී ලංකාවෙන් පිටව ගිය

Read More »