Day: August 12, 2021

සිඩ්නි Autism රෝගයෙන් පෙළෙන දරුවන්ගේ පාසලක කොවිඩ් පොකුරක්

Autism රෝගයෙන් පෙළෙන දරුවන් සඳහා ක්‍රියාත්මක සිඩ්නි නුවර පිහිටුවා ඇති පාසලක් ආශ්‍රිතව කොවිඩ් පොකුරක් නිර්මාණය වී තිබේ. මේ වනවිට එම පාසලෙන් සිසුන් සහ ගුරුවරුන් 18 දෙනෙකු පමණ කොවිඩ් ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇත. Gladesville හි Giant Steps පාසල මෙම තත්වයට මුහුණදී තිබේ. මේ වනවිට පාසලේ අනෙකුත් සියලු දරුවන් සහ ගුරුවරුන් හුදකලා කර ඇත.   Pic – Google

Read More »

ඊයේ වික්ටෝරියා ආසාධිතයන් 21 න් 04 කට වෛරසය වැළඳුණු ආකාරය අභිරහසක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් 21 දෙනා අතුරින් 04 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය සොයා විමර්ශන ආරම්භ කර තිබේ. අනෙක් 17 දෙනාම පෙර ආසාධිතයනගේ ආශ්‍රිතයන් බවට හඳුනාගැණින. මෙම ආසාධිතයන්ගෙන් අයෙකු Melbourne’s inner-north පදිංචිකරුවෙකි. තවත් අයෙකු Glenroy West Primary පාසලේ සිසුවෙකි. අනෙක් දෙදෙනා පිය – පුතු දෙදෙනෙකු බව වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියාසිටී. මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ නවතම අවධානම් ස්ථාන ලැයිස්තුවද ප්‍රකාශයට පත් කර තිබේ.  

Read More »

නීති විරෝධීව සිඩ්නි සිට මෙල්බර්න් ආ කාන්තාවන් 02 කට $ 5452 බැගින් දඩ

සිඩ්නි සිට මෙල්බර්න් දක්වා නීති විරෝධීව ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකුට ඩොලර් 5452 බැගින් දඩ නියම කර තිබේ. මොවුන් ව්‍යාජ බලපත්‍ර ඉදිරිපත් කර ගුවන් ගමන්වල නිරතවී ඇති බව සඳහන්. පසුගිය 09 වනදා QF471 ගුවන් යානයෙන් මෙල්බර්න් දක්වා පැමිණ ඇති මොවුන් දෙදෙනා පස්වරු 06 යි 20 ට පමණ ගොඩ බැස ඇත. මෙම දෙදෙනාම කොවිඩ් ආසාධිතයන් බවද පසුව තහවුරු විය. වික්ටෝරියා සෞඛ්‍ය අංශ පැවසුවේ ගුවන් යානයේ පැමිණි සියල්ලන් අමතා මේ වනවිට නිරෝධායනය වන ලෙස දන්වා ඇති බවයි.

Read More »

ලංකාවේ කොවිඩ් ආසාධිත ගැබිණි මව්වරුන් 700 ක් රෝහල්වල – 19 ක් මියගිහින්

ශ්‍රී ලංකාවේ ගැබිණි මවුවරුන්  700ක්   පමණ කොවිඩ්  ආසාදනයවී  රෝහල්වල සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවාය. ගර්භනී මවුවරුන්  19 දෙනෙකු කොවිඩ්  ආසාදනයවී මියගොස් ඇතැයිද  ඇය සඳහන් කළාය. මේ අතර කොවිඩ්  ආසාදනයවූ  ගර්භනී මවක ඊයේ (11) දිනයේද  මියගිය බව  පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. කොවිඩ්  ආසාදනයවී රෝහල්වල ප්‍රතිකාර ලබන ගර්භනී මවුවරුන් සංඛ්‍යාව පසුගිය මාසය වනවිට පැවතුණේ දෙසීයක පමණ සීමාවේ යැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය  එම සංඛ්‍යාව වේගයෙන් ඉහළ ගොස් ඊයේ වනවිට  එය හත්

Read More »
SYDNEY

NSW ප්‍රාන්තයෙන් ඊයේ ආසාධිතයන් 347 ක් / තවත් ප්‍රදේශ කිහිපයක් Lockdown

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් 347 ක් හමුවී තිබේ. ඔවුන්ගෙන් 60 ක් පමණ වයිරසය ආසාදනය වී තිබියදී ප්‍රජාව තුළ සිටි බවට විශ්වාස කෙරේ. ඊට අමතරව කොරෝනා මරණ 2 ක් වාර්තා වන අතර ඔවුන් දෙදෙනාම 90 වන වියෙහි පසුවූ බව සඳහන්. ඒ අනුව ප්‍රාන්තයේ මුලු කොවිඩ් මරණ ගණන 93 දක්වා ඉහළ යයි. NSW recorded 345 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm

Read More »