Day: August 7, 2021

මෙල්බර්න් එන්නත්කරණය වේගවත් කෙරේ

වරින්වර කොවිඩ් ආසාධිතයන් හමුවීම හමුවේ මෙල්බර්න් නගරයේ එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීමට බළධාරීන් පියවර ගෙන තිබේ. lord mayor of Melbourne,Sally Capp පැවසුවේ වික්ටෝරියා ප්‍රාන්ත රජයේ සහයද ඒ සඳහා යොදා ගන්නා බවයි. සංචාරකයන් හැකි ඉක්මණින් නගරයට ගෙන්වා ගැනීම ප්‍රමුඛ අපේක්ෂාවක් බවට පත් කර මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි. ගතවූ වසර සළකා බැලීමේදී මෙල්බර්න් නගරය Lockdown කර ඇති දින ගණන 187 කි. (05) දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 29,631 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 18,901 ක්

Read More »
breaking

Breaking: ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 29 ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 29 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. වාර්තා වී ඇති ආසාදිතයින් සියල්ලම කලින් වාර්තා වූ සිද්ධීන් සමඟ සම්බන්ධ නමුත් බෝවන කාලය තුළ කිසිවෙකු නිරෝධායනය වී නොමැති බව වාර්තා වේ. ගතවූ පැය 24 තුළ 43,000 කට වැඩි පිරිසක් කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී ඇත​.  

Read More »

විදේශයන්හි වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට අලුත් නීතියක්

විදේශයන්හි වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට මධ්‍යම රජයේ අවසරයකින් තොරව ඔස්ට්‍රේලියාවට යළි පැමිණීම සහ ඔස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබේ. මෙම නව නීතිය අගෝස්තු 11 දා සිට බලපැවැත්වේ. මෙතෙක් කලක් සාමාන්‍යයෙන් විදෙස් ගතව සිටි ඔස්ට්‍රේලියානුවන්ට විදේශයක ජීවත් වන බව ඔප්පු කළහොත් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර දී තිබුණි. නමුත් මෙම නව නීතිය අනුව එවැනි පුද්ගලයින්ට ඔස්ට්‍රේලියානු භූමියෙන් පිටව යාමට බලවත් හේතුවක් ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායට පෙන්විය යුතුයි.   Source : https://www.abc.net.au/news/2021-08-06/covid-rules-australians-overseas-visit-home-change-exemption/100356366

Read More »