Day: August 6, 2021

ශ්‍රී ලංකාව බරපතල අඩියක – කොළඹ ආසාධිතයන්ගෙන් 75% කට ඩෙල්ටා – වැඩිම මරණ ඊයේ

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු වුණා. ඒ මරණ 94 ක් ලෙසයි. මේ අනුව මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4821 දක්වා ඉහළ ගියා. ඊයේ මරණවලින් 73 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 19 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා. 02 දෙනෙකු වයස අවුරුදු 30 ට අඩු අයයි. මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2674 දෙනෙකු හඳුනාගනු ලැබුවා.

Read More »

Lockdown පළමු දිනයේදී වික්ටෝරියා ප්‍රජාව අතරින් ආසාදිතයින් 06 ක්

Lockdown පළමු දිනයේදී ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 06 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙල්බර්න් පාසලකින් හඳුනාගත් කොවිඩ් ආසාධිත ගුරුවරියගේ සමීපතමයන් දෙදෙනෙකුද මීට අයත්. මෙම ආසාධිතයන් 06 දෙනා අතුරින් 04 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75 කි. ඊයේ දිනයේදී (05) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 29,631 ක් සිදුකර ඇති අතර

Read More »

මුදල් ඇමති බැසිල් සහ ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස් අතර හමුවක්

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් David John Holly මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ හමුවී තිබේ. මුදල් අමාත්‍යංශයේ පැවති මෙම හමුවේ දී අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගනිමින් සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කාබනික වගා වැඩසටහන අගයකළ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සඳහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට අදාළ තාක්ෂණික සහය ලබාදීම තම රජය අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකා මුහුදු කලාපය හරහා ඔස්ට්‍රේලියාව වෙත ළඟා වන වෙළෙඳ නැව් සඳහා පහසුකම් ලබා ගැනීමට කොළඹ වරාය වැඩි වශයෙන් යොදා ගැනීමට

Read More »

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ගැනීමෙන් පසු NSW කාන්තාවක මරුට

ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගැනීමෙන් පසු බරපතල තත්වයේ පසුවූ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක මියගොස් තිබේ. ඇයට දුලබ රුධිර කැටි ගැසීමේ තත්වයක් බලපා තිබූ බව සඳහන්. ඔස්ටේ්‍රලියාව තුළ දැනට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 68 ක් ලබා දී ඇති අතර ඉන් රුධිර කැටි ගැසීමේ සිදුවීම් වාර්තා වී ඇත්තේ 93 ක් පමණි. ඉන් 05 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 34 ත් 72 ත් අතර වියෙහි පසුවනවා.    

Read More »