Day: August 5, 2021

NSW ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 05 ක් / ආසාධිතයන් 262 ක් / තවත් ප්‍රදේශ කිහිපයක් අද පස්වරු 05 සිට Lockdown

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිත මරණ 05 ක් වාර්තා වී තිබේ. ඔවුන් අවුරුදු 60 – 70 සහ 80 යන වියෙහි පසුවූවන් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කියා සිටී. ප්‍රාන්තය පුරා සිදුකල කොවිඩ් පරීක්ෂණ 107,000 කට වැඩි සංඛ්‍යාවකින් ආසාධිතයන් 262 දෙනෙකු වාර්තා වී තිබේ. ඉන් 72 දෙනෙකු වෛරසය තිබියදී සමාජය තුළ සැරිසරා ඇතැයි සඳහන්. මේ අතර මෙම දරුණු තත්වය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ කිහිපයක් අද පස්වරු 05 සිට

Read More »

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ආසාදිතයින් 06 ක් / 03 කට වැළඳුණු ආකාරය සොයා පරීක්ෂණ

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 06 ක් හමුව ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙල්බර්න් පාසලකින් හඳුනාගත් කොවිඩ් ආසාධිත ගුරුවරියද මීට අයත්. මෙම ආසාධිතයන් 06 දෙනා අතුරින් 03 දෙනෙකුට වෛරසය වැළඳුණු ආකාරය සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80 කි. ඊයේ දිනයේදී (04) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 27,279 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 17,229 ක්

Read More »

ලෝක විවාහක රූ රැජින තරඟය පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟය, අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ දී එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කළ බව එහි සංවිධායකයෝ පවසති. ඒ අනුව එම තරඟය 2022 ජනවාරි 15 වැනිදා අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වේ. මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව සංවිධායකයින් පැවසීය.

Read More »

මෙල්බර්න් පාසලක ගුරුවරියකට කොවිඩ් / Coles වෙළඳසැලකුත් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නැවතත් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ. මෙල්බර්න් බටහිර (Truganina) Al-Taqwa පාසල නිවේදනය කලේ සිය ගුරුවරියකට කොවිඩ් ආසාධනය වී ඇතැයි අනාවරණ කරගත් බවයි. මේ අනුව පාසල තාවකාලිකව වසා දමා ඇති අතර සියලු ගුරුවරුන් සහ සිසුන් කොවිඩ් පරීක්ෂණවලට ලක් කර තිබේ. වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ පාසල දින 14 කට වසා තබන ලෙසයි. මේ අතර Yarraville හි Coles වෙළඳසැලක් ද කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත.

Read More »