NSW ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 05 ක් / ආසාධිතයන් 262 ක් / තවත් ප්‍රදේශ කිහිපයක් අද පස්වරු 05 සිට Lockdown

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළදී කොවිඩ් ආසාධිත මරණ 05 ක් වාර්තා වී තිබේ.

ඔවුන් අවුරුදු 60 – 70 සහ 80 යන වියෙහි පසුවූවන් බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian කියා සිටී.

ප්‍රාන්තය පුරා සිදුකල කොවිඩ් පරීක්ෂණ 107,000 කට වැඩි සංඛ්‍යාවකින් ආසාධිතයන් 262 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 72 දෙනෙකු වෛරසය තිබියදී සමාජය තුළ සැරිසරා ඇතැයි සඳහන්.

මේ අතර මෙම දරුණු තත්වය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ තවත් ප්‍රදේශ කිහිපයක් අද පස්වරු 05 සිට Lockdown කර ඇත.

එම ප්‍රදේශ නම් :

Newcastle, Lake Macquarie, Maitland, Port Stephens, Singleton, Dungog, Muswellbrook & Cessnock.

Greater Sydney ඇතුලු තදාසන්න ප්‍රදේශ සඳහා Lockdown තත්වයක් පණවා අදට දින 41 කි.

ඔස්ට්‍රේලියාව පැරදූ ඇෆ්ගනිස්ථානයට වාර්තාගත ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම පරදවා ඉතිහාසගත වන ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්වුණා. ඒ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග අද පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමත් සමගයි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි වාර්තා අතරට එක්වන්නේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් රැස් කළා. Rahmanullah Gurbaz පන්දු 49කින් වේගවත් ලකුණු

Read More »

T20 ලෝක කුසලානයේදී Pat Cummins ගෙන් යළිත් වාර්තාවක්

2024 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රීඩක පැට් කමින්ස් අද සමත්වුණා.

Read More »

ඔස්ට්‍රේලියානු තරුණයන්ගේ ක්‍රියාවක් නිසා අනාගතය ගැන අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියානු තරුණයින් අතර සාමාන්‍ය දුම් පානය අභිබවා ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය ඉහළ ගොස් ඇති බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඇෆ්ගනිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ super 8 වටයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 149ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »