මෙල්බර්න් පාසලක ගුරුවරියකට කොවිඩ් / Coles වෙළඳසැලකුත් අවධානම් ලැයිස්තුවට

වික්ටෝරියා ප්‍රාන්තයෙන් නැවතත් කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

මෙල්බර්න් බටහිර (Truganina) Al-Taqwa පාසල නිවේදනය කලේ සිය ගුරුවරියකට කොවිඩ් ආසාධනය වී ඇතැයි අනාවරණ කරගත් බවයි.

මේ අනුව පාසල තාවකාලිකව වසා දමා ඇති අතර සියලු ගුරුවරුන් සහ සිසුන් කොවිඩ් පරීක්ෂණවලට ලක් කර තිබේ.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ පාසල දින 14 කට වසා තබන ලෙසයි.

මේ අතර Yarraville හි Coles වෙළඳසැලක් ද කොවිඩ් අවධානම් ස්ථානයක් ලෙස නම් කර ඇත.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »