Day: June 14, 2021

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවු පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් 02 ක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවු පැය 24 තුළදී තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ පරීක්ෂණ 17,000 කට ආසන්න සංඛ්‍යාවකිනි. ඔවුන් දෙදෙනාම මේ වනවිට හඳුනාගෙන ඇති ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවයි ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. එබැවින් ඔවුන් කිසිදු අයුරකින් සමාජ සම්ප්‍රේෂණයකට භාජනය වී නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම ගතවූ පැය 24 තුළදී හෝටල් නිරෝධායනය මගින්ද ආසාධිතයන් 04 දෙනෙකු හඳුනාගෙන ඇත. https://twitter.com/VicGovDH/status/1404209982254419968?s=20

Read More »

කඩුවෙන් කපපු රැජිණගේ අමුතු කේක් කැපිල්ල

මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ කඩුවක් උපයෝගී කරගනිමින් කේක් ගෙඩියක් කපන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතී. මෙම උත්සවය පවත්වා තිබුණේ පසුගිය සිකුරාදා දිනයේදී බි්‍රිතාන්‍යයේ කෝර්න්වෝල් හිදි. චාර්ල්ස් කුමරුන්ගේ ආර්යාව වන කැමිලා පාර්කර් වගේම විලියම් කුමරුන්ගේ ආර්යාව වන කේට් මිඩ්ල්ටන් ආර්යාවද මෙම අවස්ථාවට එක්ව සිටියා. මහ රැජිණගේ පදවි ප්‍රාප්තියේ 70 වන සංවත්සරය වෙනුවෙන් මෙම උත්සවය පැවති බවයි වාර්තා වන්නේ. Pics – Getty

Read More »

සංගා ICC විශිෂ්ඨයන්ගේ නාමාවලියට

අයි සී සී විශිෂ්ඨයන්ගේ නාමාවලියට ශ්‍රී ලංකා හිටපු ප්‍රවීණ ක්‍රීඩක කුමාර් සංගක්කාරද ඇතුළත් කර තිබෙනවා. එම තත්වයට පත්වූ දෙවන ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහු වන අතර මීට පෙර එම අවස්ථාව උදාකරගෙන තිබුණේ මුත්තයියා මුරලිදරන් පමණයි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීම් කල විශිෂ්ඨයන් 10 දෙනෙකු අයි සී සී ය විසින් ඊයේ නම් කල අතර සංගක්කාරද ඊට ඇතුළත්. ටෙස්ට් තරග 134 කට ක්‍රීඩා කර ඇති කුමාර් සංගක්කාර රැස් කර ඇති ළකුණු සංඛ්‍යාව 12 400 ක්. ටෙස්ට් ශතක

Read More »