Day: June 6, 2021

Victoria සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට $200 සංචාරක වවුචර් පත් 80,000 ක්

Regional Victoria කලාපයේ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම සඳහා සංචාරක වවුචර් පත් 80,000 ක් බෙදා හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino නිවේදනය කලේ ඩොලර් 200 බැගින් වන වවුචරපත් මෙලෙස බෙදා හැරීමට නියමිත බවයි. දැනට බිඳවැටී ඇති වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා ඩොලර් මිලියන 32.2 ක පැකේජයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මෙම සංචාරක වවුචර්පත් ක්‍රමය ක්‍රියාත්මක වන්නේද එහි එක් අධියරක් ලෙසයි. කෙසේවෙතත් මෙල්බර්න් නාගරික කලාපයට පණවා ඇති Lockdown තත්වය ඉවත් කිරීමෙන්

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනකදී සමාජයෙන් හඳුනාගත් අඩුම ආසාධිතයන් ඊයේ

මෑතකාලීනව වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනකදී සමාජයෙන් හඳුනාගත් අඩුම කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව ඊයේ (05) වාර්තා වී තිබේ. පරීක්ෂණ 29,816 කින් ඊයේ වාර්තා වී ඇත්තේ කොවිඩ් ආසාධිතයන් 02 දෙනෙකු පමණි. හෝටල් නිරෝධායනයේ සිටි 08 දෙනෙකුද වෛරස ආසාධිතයන් ලෙස තහවුරු වී ඇත. ඒ අනුව වික්ටෝරියා කොවිඩ් පොකුර 72 දක්වා ඉහළ යයි. https://twitter.com/VicGovDH/status/1401310723570024450?s=20

Read More »

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් කරන්න බෑ කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට තීරණය කර තිබේ. නවක ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ඇති අක්‍රමිකතා සහ එම ක්‍රමවේදයේ විනිවිදභාවය පිළිබඳව මතුව ඇති බරපතළ ගැටලු හේතුවෙන් ගිවිසුම්ගතවීමට ක්‍රීඩකයින් එකඟ නොමැති බව දැනුම් දී තිබේ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා තෝරාගෙන ඇති එක්දින සහ විස්සයි 20 සංචිතයේ ක්‍රීඩකයින් ද එම සංචාර ගිවිසුම් අත්සන් කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇත. ගිවිසුම් අත්සන් කිරීමට ක්‍රීඩකයින් එකඟ නොවුවද ඉදිරි එංගලන්ත සංචාරය ඇතුළු

Read More »

ආහාර බෙදා හරින්නන් සඳහා NSW ප්‍රාන්තයේ නව නීති

ආහාර බෙදා හරින්නන් සඳහා නව නීති හඳුන්වාදීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් භාවිතය / සෞඛ්‍ය රීති යටතේ නව පුහුණුව / හඳුනාගැනීමේ අංකයක් නිකුත් කිරීම ආදී රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී ඇත. කෙසේවෙතත් මෙම නව රෙගුලාසි අතිශය දැඩි ස්වභාවයක් ගැනීම හේතුවෙන් ඊට වෘත්තීය සමිති විසින් දැඩි විරෝධයක් පළ කරයි. දැනටමත් දැඩි පීඩනයක් යටතේ කටයුතු කරන සේවකයන්ට මෙමගින් තවත් බලපෑම් එල්ලවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් යෝජිත නව නීති ඉවත් කර

Read More »