Day: May 21, 2021

ඔස්ටේ්‍රලියා වැඩිහිටි ජනගහණයෙන් 1/3 ක් කොවිඩ් එන්නත එපා කියයි

තමන් COVID-19 එන්නත ලබා නොගන්නා බව ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි පිරිසෙන් තුනෙන් එකක් පමණ පවසනවා. අදාළ මත විමසුමේදී කොරෝනා එන්නතේ අතුරු ආබාධ පිළිබඳ ඔස්ට්‍රේලියානු ජනතාව තුළ සැක සංකා ඇති බව සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා තිබියදීත්, මෙම කොරෝනා එන්නත ලබා ගැනීමට ඉක්මන් නොවිය යුතු බවට බොහෝ දෙනා සිතන බවද එහිදී හෙළිවී තිබෙනවා. කොරෝනා එන්නත ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවාසීන්ව උනන්දු කරවීමට ප්‍රචාරණ වැඩසටහන් ආරම්භ කළ යුතු කාලය දැන් එළඹ ඇති බව සිඩ්නි විශ්ව විද්‍යාලයේ එන්නත් පිළිබඳ විශේෂඥ

Read More »

අද සිට දින 10 ක් ශ්‍රී ලංකාවට ඇතුලුවනු බෑ

අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවය. කෙසේවෙතත් ශ්‍රී ලංකාවන් පිටව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම අදාළ නොවන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය. භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා එවැනි කිසිදු බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කලා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සහ අගමැති මොරිසන් අතර මත ගැටුමක්

Toowoomba අසල ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා. වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් කරන ලද එවැනිම යෝජනාවක් ඉතා පුළුල් බව අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය අඟහරුවාදා පැවසූ අතර ක්වීන්ස්ලන්තයේ මෙම සැලැස්මේ එතරම් විස්තර නොමැති බව ප්‍රකාශ කළා. අගමැති මොරිසන්ට Toowoomba නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නොවන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී  Annastacia Palaszczuk පැවසුවා. තමන් සහය දෙන හොඳම ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳ අගමැතිවරයා තෝරාගැනීම්

Read More »