
Toowoomba අසල ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක් සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අතර මත ගැටුමක් හටගෙන තිබෙනවා.
වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් කරන ලද එවැනිම යෝජනාවක් ඉතා පුළුල් බව අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය අඟහරුවාදා පැවසූ අතර ක්වීන්ස්ලන්තයේ මෙම සැලැස්මේ එතරම් විස්තර නොමැති බව ප්‍රකාශ කළා.
අගමැති මොරිසන්ට Toowoomba නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය නොවන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවා.

තමන් සහය දෙන හොඳම ප්‍රාදේශීය නිරෝධායන මධ්‍යස්ථානය පිළිබඳ අගමැතිවරයා තෝරාගැනීම් කරන බවට ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනීය චෝදනා කරනවා.