Day: April 28, 2021

මෙල්බර්න් ප්‍රදේශ 18 ක අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවෙයි

අපජලයේ තිබී කොවිඩ් වෛරස් කොටස් හමුවීමත් සමග මෙල්බර්න් නගරයේ ප්‍රදේශ 18 කට අවධානම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. පසුගිය 20 වනදා සිට 24 වනදා දක්වා ලබාගත් සාම්පලවලිනුයි මෙම වෛරස් කොටස් හමුවී ඇත්තේ. එම ප්‍රදේශ වන්නේ Balwyn Balwyn North Blackburn Blackburn North Box Hill Box Hill North Bulleen Doncaster Doncaster East Donvale Mitcham Mont Albert Mont Albert North Nunawading Templestowe Lower අදාළ කාලසීමාව තුළ එම ප්‍රදේශවල සිටි කිසියම් අයෙකු වෙතොත් වහාම කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසට සෞඛ්‍ය

Read More »

ක්‍රවුන් කැසිනෝ ආයතනයට ඩොලර් මිලියනයක දඩයක්

සූදු ක්‍රීඩාවේ රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් සුප්‍රකට ක්‍රවුන් කැසිනෝ ආයතනයට ඩොලර් මිලියනයක දඩයක් පණවා තිබෙනවා. ඒ සූදු ක්‍රීඩා කිරීමට සහය වන පුද්ගලයන්ගේ චර්යාවන් නිසි ලෙස අධ්‍යනය නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන්. ක්‍රවුන් ආයතනය පිළිබඳ සෙවීමට කොමිසමක්ද පත්කර තිබූ අතර ඔවුන් පිටු 800 ක වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. එහි දක්වා ඇත්තේ ක්‍රවුන් හි ඇතැම් සේවකයන් අපරාධවලට හා මුදල් ජාවාරම්වලට ද සම්බන්ධ බවයි. ඒ පිළිබඳ ක්‍රවුන් බළධාරීන් විධිමත් පියවර අනුගමනය කර නැතැයිද චෝදනා එල්ලවනවා.

Read More »

අගමැති මොරිසන්ගේ ප්‍රකාශයක් නිසා ඉන්දියාවේ සිටින ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් දැඩි අපහසුතාවයකට

අගමැති ස්කොට් මොරිසන්ගේ ප්‍රකාශයක් හේතුවෙන් අයි පී එල් තරගාවලියට සහභාගීවීමට පැමිණි ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. අගමැතිවරයා ඊයේ කියාසිටියේ ඉන්දියාවෙන් ඔස්ටේ්‍රලියා ජාතිකයන් ගෙන්වා ගැනීමේදී කිසිවෙකුටත් ප්‍රමුඛත්වයක් නොදෙන බවයි. එම ප්‍රකාශයත් සමග ඉන්දියාවෙන් වහා පිටත්වීමට සිටි ක්‍රිකට් ක්‍රීඩකයන් දැඩි අසීරුතාවයකටයි ලක්වී සිටින්නේ. එහෙත් පැට් කමින්ස් ඇතුලු ක්‍රීඩකයන් සඳහන් කර ඇත්තේ තමන් තවදුරටත් ඉන්දියාවේ රැඳී සිටින බවයි. දැනට ඉන්දියාවේ පවතින සීඝ්‍ර කොවිඩ් අවධානම සමග ඔස්ටේ්‍රලියාව දක්වා ගුවන් ගමන් සිදු කිරීමද ලබන 15 වනදා දක්වා අත්හිටුවා

Read More »