
සූදු ක්‍රීඩාවේ රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් සුප්‍රකට ක්‍රවුන් කැසිනෝ ආයතනයට ඩොලර් මිලියනයක දඩයක් පණවා තිබෙනවා.
ඒ සූදු ක්‍රීඩා කිරීමට සහය වන පුද්ගලයන්ගේ චර්යාවන් නිසි ලෙස අධ්‍යනය නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන්.
ක්‍රවුන් ආයතනය පිළිබඳ සෙවීමට කොමිසමක්ද පත්කර තිබූ අතර ඔවුන් පිටු 800 ක වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

එහි දක්වා ඇත්තේ ක්‍රවුන් හි ඇතැම් සේවකයන් අපරාධවලට හා මුදල් ජාවාරම්වලට ද සම්බන්ධ බවයි.
ඒ පිළිබඳ ක්‍රවුන් බළධාරීන් විධිමත් පියවර අනුගමනය කර නැතැයිද චෝදනා එල්ලවනවා.
