Day: April 26, 2021

පර්ත් Lockdown තත්වය දීර්ඝ කෙරේ ????

පර්ත් නගරයට පණවා ඇති සංචරණ සීමා (Lockdown) තත්වය දීර්ඝ කෙරෙනු ඇති බවට අනතුරු ඇගවෙනවා. බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan නිවේදනය කලේ සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාගැනීමෙන් පසු අවසන් තීරණයක් ගන්නා බවයි. පර්ත් හා පීල් ප්‍රදේශවලට පැණවු Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්වීමටයි නියමිතව ඇත්තේ. එහෙත් පසුගිය සෙනසුරාදා සිදුකල කොවිඩ් පරීක්ෂණ 12000 ක ප්‍රථිඵල මේ දක්වා නොලැබීම හමුවේ සංචරණ සීමා පැණවීම දීර්ඝ කිරීමට සිදුවිට හැකි බවටද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කලා.

Read More »

කොවිඩ් ආසාධිතයෙකු සමග මෙල්බර්න් පැමිණි ගුවන් යානයේ අඩකට වැඩි පිරිසක් Negative

කොවිඩ් ආසාධිතයෙකු සමග පර්ත් සිට මෙල්බර්න් දක්වා පැමිණි ගුවන් යානයේ සිටි මගීන්ගෙන් අඩකට වැඩි පිරිසක් සඳහා negative වාර්තා ලැබී තිබේ. අනෙක් මගීන්ගේ ප්‍රථිඵල වාර්තා අද දිනය තුළ ලැබීමට නියමිතයි. QF778 ගුවන් යානයෙන් පසුගිය බදාදා දිනයේදී පැමිණි මගීන් 241 දෙනෙකු අතුරින් අයෙකුයි කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගනු ලැබුවේ. එම ගුවන් යානයේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වූ ගුවන් තොටුපළ සේවකයන් 10 ක් මෙන්ම මගීන්ගේ සමීපතමයන් 1217 ක්ද පරීක්ෂා කෙරුණු අතර ඔවුන් සියලු දෙනා ආසාධිතයන් නොවන බව හෙළිවී

Read More »

telehealth සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 දා තෙක්

telehealth සේවාව සඳහා වන මූල්‍ය ප්‍රදානයන් ලබන දෙසැම්බර් 31 වනදා තෙක් සැපයීමට ඔස්ටේ‍රලියානු රජය තීරණය කර තිබේ. මේ අනුව සිය වෛද්‍යවරයා සමග අන්තර්ජාලය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට මිලියන ගණනක් වන ඔස්ටේ‍රලියානුවන්ට අවස්ථාව සැලසෙනු ඇති. මානසික වෛද්‍යවරුන් මෙන්ම පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා වේලාවන් වෙන් කරවා ගැනීම් සඳහාද telehealth සේවාවෙන් ඉඩකඩ සැළසෙනවා. ජනාකීර්ණ සහ නාගරික නොවන ප්‍රදේශවල පුද්ගලයන්ට වෛද්‍ය උපකාර ලබාගැනීම සඳහා පැය ගණනක් ගතකර වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණීම වළක්වාලීමේ අරමුණ ඇතිවයි මෙම සේවය හඳුන්වා දුන්නේ. ගතවූ

Read More »