කොවිඩ් ආසාධිතයෙකු සමග මෙල්බර්න් පැමිණි ගුවන් යානයේ අඩකට වැඩි පිරිසක් Negative

කොවිඩ් ආසාධිතයෙකු සමග පර්ත් සිට මෙල්බර්න් දක්වා පැමිණි ගුවන් යානයේ සිටි මගීන්ගෙන් අඩකට වැඩි පිරිසක් සඳහා negative වාර්තා ලැබී තිබේ.

අනෙක් මගීන්ගේ ප්‍රථිඵල වාර්තා අද දිනය තුළ ලැබීමට නියමිතයි.

QF778 ගුවන් යානයෙන් පසුගිය බදාදා දිනයේදී පැමිණි මගීන් 241 දෙනෙකු අතුරින් අයෙකුයි කොරෝනා රෝගියෙකු ලෙස හඳුනා ගනු ලැබුවේ.

එම ගුවන් යානයේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ වූ ගුවන් තොටුපළ සේවකයන් 10 ක් මෙන්ම මගීන්ගේ සමීපතමයන් 1217 ක්ද පරීක්ෂා කෙරුණු අතර ඔවුන් සියලු දෙනා ආසාධිතයන් නොවන බව හෙළිවී ඇත.

දැනට යම්තාක් දුරකට අඩාල වී ඇති පර්ත් සම්බන්ධ ගුවන් ගමන් හැකි ඉක්මණින් ආරම්භ වනු ඇතැයිද පැවසේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »