Day: April 20, 2021

වික්ටෝරියා හි ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන තුළ gastro outbreaks 04 ගුණයකින් ඉහළට

වික්ටෝරියා හි ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන තුළ ආමාශයික රෝග (gastro outbreaks) වලින් පීඩා විඳි සිද්ධි සාමාන්‍යයට වඩා හතර ගුණයකින් වැඩි බව හෙළිවේ. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද අනතුරු ඇඟවීමක් කර ඇති අතර, දෑත් සනීපාරක්ෂාව (hand hygiene) පිළිබඳව කුඩා දරුවන්ට ඉගැන්වීම, පැතිරීම නැවැත්වීමට ඉතා වැදගත් බව පැවසීය. 2021 දී අවම වශයෙන් gastro outbreaks 389 ක් ප්‍රාන්තය පුරා ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන වලට බලපා ඇත. “සෑම අවස්ථාවකම ආසාදනය සිදුවන්නේ “ bug”ශරීරගත වූ විට යැයි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton කියා සිටියේය.

Read More »

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩසටහනට වෙනස්කම් කිහිපයක්

ඔස්ටේ්‍රලියාවේ එන්නත්කරණ වැඩසටහනට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා. ඒ අනුව හෙට සිට ආරම්භවන එන්නත්කරණ වැඩපිළිවෙලේදී වයස අවුරුදු 50 ට වැඩි අයට ප්‍රමුඛත්වය හිමිවනු ඇති. අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ කැබිනට් මණ්ඩලයද ඊට අනුමැතිය දී ඇති බවයි. දැනට ප්‍රමාදවී පවතින එන්නත්කරණ වැඩසටහන පිළිබඳ සමාලෝචනයට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ විද්වතුන් සතියකට දෙවරක් රැස්විය යුතු වීම තවත් යෝජනාවක්.

Read More »