වික්ටෝරියා හි ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන තුළ gastro outbreaks 04 ගුණයකින් ඉහළට

වික්ටෝරියා හි ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන තුළ ආමාශයික රෝග (gastro outbreaks) වලින් පීඩා විඳි සිද්ධි සාමාන්‍යයට වඩා හතර ගුණයකින් වැඩි බව හෙළිවේ.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද අනතුරු ඇඟවීමක් කර ඇති අතර, දෑත් සනීපාරක්ෂාව (hand hygiene) පිළිබඳව කුඩා දරුවන්ට ඉගැන්වීම, පැතිරීම නැවැත්වීමට ඉතා වැදගත් බව පැවසීය.

2021 දී අවම වශයෙන් gastro outbreaks 389 ක් ප්‍රාන්තය පුරා ළමා ආරක්ෂණ මධ්‍යස්ථාන වලට බලපා ඇත.

“සෑම අවස්ථාවකම ආසාදනය සිදුවන්නේ “ bug”ශරීරගත වූ විට යැයි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton කියා සිටියේය.

“මෙය සාමාන්‍යයෙන් සිදුවන්නේ නොසේදූ දෑත් මුඛය තුළ තබා ඇති විට හෝ ආහාර හෝ බීම ස්පර්ශ කරන විට හෝ වක්‍රව – ටැප්, ටොයිලට් ෆ්ලෂ් හැන්ඩ්ල්ස්, ළමා සෙල්ලම් බඩු සහ නැපි වැනි මතුපිට ස්පර්ශ කිරීමෙන් ය.”

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »