Day: April 17, 2021

මුරලි යළි විශිෂ්ටයින් අතරට

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් එක් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ. එහිදී 2000 වසරින් පසු ඇරඹී දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම්කර තිබීම විශේෂත්වයකි. ලෝක එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සගරාව විසින් 1971 වසරේ සිට 2021 වසර දක්වා වු එක් එක් දශකයේ විශිෂ්ඨතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ. එහිදී 70

Read More »

පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. ඒ අනුව, පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වීමට නියමිත ය. රාජකීය නිලධාරීන් සඳහන් කරන්නේ , එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ෂබ්දතාවත් පැවැත්වීමට ද නියමිත බවය. මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සීමිත පැමිණීම් මධ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිත අතර, රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් අවමංගල්‍ය උළෙලට සහභාගී වෙයි.

Read More »

NSW 48 හැවිරිදි කාන්තාවගේ මරණයට හේතුව ඇස්ට්‍රා-සෙනෙකා බව තහවුරු වෙයි

රුධිර කැටි ගැසීමකට ලක්වීමෙන් 48 හැවිරිදි කාන්තාවක මියයාම ඇස්ට්‍රා-සෙනෙකා එන්නතට සෘජුව සම්බන්ධ බව තහවුරු වී තිබෙනවා. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි වී සිටි කාන්තාවකයි මෙලෙස මියගොස් තිබුණේ. ඇයගේ මරණය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ සෞඛ්‍ය අංශ ඉහළම මට්ටමින් පරීක්ෂණයක් සිදුකර තිබූ අතර එහිදීයි මෙය හෙළිවී ඇත්තේ. අදාළ කාන්තාව ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගෙන ඇත්තේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ට එම එන්නත සුදුසු නොවන බවට නිර්දේශ ලැබූ පසුගිය 08 වනදා පෙරවරුවේ බවද වාර්තා වනවා.

Read More »