
දෙවන එලිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පැවැත්වෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය.
ඒ අනුව, පස්වරු 3.00 ට වින්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී රාජකීය අවමංගල්‍ය උළෙල පැවැත්වීමට නියමිත ය.
රාජකීය නිලධාරීන් සඳහන් කරන්නේ , එම අවස්ථාවේ විනාඩියක ජාතික නිශ්ෂබ්දතාවත් පැවැත්වීමට ද නියමිත බවය.

මෙම රාජකීය අවමංගල්‍ය උළෙල සීමිත පැමිණීම් මධ්‍යයේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සිදු කිරීමට නියමිත අතර, රජ පවුලේ සමීපතමයින් 30 දෙනෙකු පමණක් අවමංගල්‍ය උළෙලට සහභාගී වෙයි.
නමුත් සම්ප්‍රදායික රාජකීය අවමංගල්‍ය උත්සවයකදී පැවැත්වෙන පෙරහැර මෙහිදී නොපැවැත්වීමට තීරණය කර තිබේ.

මේ අතර කොරෝනා සීමාවන් නිසා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද (Boris Johnson) අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බව දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS