
රුධිර කැටි ගැසීමකට ලක්වීමෙන් 48 හැවිරිදි කාන්තාවක මියයාම ඇස්ට්‍රා-සෙනෙකා එන්නතට සෘජුව සම්බන්ධ බව තහවුරු වී තිබෙනවා.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පදිංචි වී සිටි කාන්තාවකයි මෙලෙස මියගොස් තිබුණේ.
ඇයගේ මරණය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාවේ සෞඛ්‍ය අංශ ඉහළම මට්ටමින් පරීක්ෂණයක් සිදුකර තිබූ අතර එහිදීයි මෙය හෙළිවී ඇත්තේ.

අදාළ කාන්තාව ඇස්ට්‍රා-සෙනෙකා එන්නත ලබාගෙන ඇත්තේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ට එම එන්නත සුදුසු නොවන බවට නිර්දේශ ලැබූ පසුගිය 08 වනදා පෙරවරුවේ බවද වාර්තා වනවා.