Day: April 11, 2021

ඔස්ටේ්‍රලියාව භාවිත නොකරන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් යාබද රටවලට

සතියකට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් 10000 ක් බැගින් යාබද රටවලට ප්‍රදානයක් ලෙස දීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබේ. ඔස්ටේ්‍රලියාව පසුගිය සතියේ තීරණය කලේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ට එන්නත දීමෙන් වැළකී සිටීමටයි. ඒ අනුව ඉතිරිව පවතින එන්නත් මාත්‍රා මෙලෙස පැසිෆික් කලාපීය රටවල් කිහිපයකට ලබාදීමටයි අගමැති මොරිසන් තීරණය කර ඇත්තේ. මේ අනුව ඔස්ටේ්‍රලියානුවන්ට ෆයිසර් එන්නත දීම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමටයි අගමැතිවරයා කටයුතු කර ඇත්තේ. එම එන්නතේ අමතර මාත්‍රා මිලියන 20 ක්ද ඔස්ටේ්‍රලියාව විසින් ඇණවුම් කර ඇත.

Read More »

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූරයෙකුගෙන් නව ආසියාතික වාර්තාවක්

නව ආසියාතික වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගියේ ය. රොෂාන් අබේසුන්දර පවසන්නේ, මෙහි අරමුණ සාගරය පරිසරය රැක ගැනීමේ පණිවිඩය ලෝකයට රැගෙන යාම බවයි.. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර : “මගේ බලාපොරොත්තුව ලංකාවේ මන්නාරමේ ඉදන් ඉන්දියාවේ දනුෂ්කෝඩි දක්වා පීනලා ආපහු එන්න. බලාපොරොත්තුව පැය 35 ක වගේ කාලෙකින් එන්න. ඒ වගේම මේකට ගොඩක් අය උදව් කළා . මගේ අරමුණ සාගරයට පොලිතින්

Read More »