ඔස්ටේ්‍රලියාව භාවිත නොකරන ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් යාබද රටවලට

සතියකට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් 10000 ක් බැගින් යාබද රටවලට ප්‍රදානයක් ලෙස දීමට අගමැති ස්කොට් මොරිසන් තීරණය කර තිබේ.

ඔස්ටේ්‍රලියාව පසුගිය සතියේ තීරණය කලේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ට එන්නත දීමෙන් වැළකී සිටීමටයි.

ඒ අනුව ඉතිරිව පවතින එන්නත් මාත්‍රා මෙලෙස පැසිෆික් කලාපීය රටවල් කිහිපයකට ලබාදීමටයි අගමැති මොරිසන් තීරණය කර ඇත්තේ.

මේ අනුව ඔස්ටේ්‍රලියානුවන්ට ෆයිසර් එන්නත දීම කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීමටයි අගමැතිවරයා කටයුතු කර ඇත්තේ.

එම එන්නතේ අමතර මාත්‍රා මිලියන 20 ක්ද ඔස්ටේ්‍රලියාව විසින් ඇණවුම් කර ඇත.

ඔස්ට්‍රේලියාවට එන ශිෂ්‍ය වීසා ප්‍රතික්ෂේප වෙන හැටි

ඔස්ට්‍රේලියාවේ නව සංක්‍රමණ ප්‍රතිසංස්කරණ යටතේ ඔස්ට්‍රේලියාවට යොමු කරන සෑම ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත් 5කින් 1ක් ප්‍රතික්ෂේප වන බව හෙළිව තිබෙනවා.

Read More »

මිල වැඩි වීමේ චෝදනා එල්ල වූ සුපිරි වෙළඳසැලකින් ඇදහිය නොහැකි වට්ටම්

ජීවන අර්බුදයත් සමග පීඩා විඳින ඔස්ට්‍රේලියානුවන් සදහා වූල්වර්ත් (Woolworth) සුපිරි වෙළඳසැල මගින් මෙතක් ලබා නොදුන් ඇදහිය නොහැකි වට්ටම් ලබා දීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »